වෙබ් අඩවිය සඳහා බැතිබර දායකත්වය

විහාරස්ථානයේ ආගමික, සමාජීය හා අධ්‍යාපනික කටයුතු පිළිබඳ තොරතුරු දෙස් විදෙස් බෞද්ධ ජනතාව වෙත කාලෝචිතව සහ විධිමත්ව ගෙන යාමේ අරමුණින් නිර්මාණය කරන ලද නිල වෙබ් අඩවිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය දායකත්වය, සැදැහැති දායක එච්. ආර්. පද්මසිරි මහතා සහ පවුලේ සැම විසින් බැතිබරව සපයා දී ඇත.

ඔවුන්ගේ මෙම උදාර දායකත්වය හේතුවෙන් විහාරස්ථානයට නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත නිල වෙබ් අඩවියක් සංවර්ධනය කිරීමට හැකි වූ අතර, විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු, ආගමික වැඩසටහන්, විශේෂ නිවේදන සහ අනෙකුත් වැදගත් තොරතුරු ලොව පුරා සිටින බැතිමතුන් වෙත පහසුවෙන් සහ කාර්යක්ෂමව ලබාදීමේ අවස්ථාව උදා වී ඇත.

මෙම පුණ්‍යමය කාර්යය සඳහා නොමසුරු අනුග්‍රහය දැක්වූ එච්. ආර්. පද්මසිරි මහතා සහ පවුලේ සැම වෙත විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථාන කාරක සභාව සහ සැදැහැවත් දායක දායිකාවන්ගේ හෘදයාංගම ස්තූතිය හා තෙරුවන්ගේ ආශීර්වාදය පිරිනමනු ලැබේ. ඔවුන්ට දීර්ඝායුෂ, නිරෝගී සම්පත් සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා තවදුරටත් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය හා භාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *